අනේ මහත්තයෝ අපෙනුත් මල් ගන්න එන්න...
අවුරුදු 35ක් වගේ පෙනුමක් තියෙන අක්ක කෙනෙක් බැගපත් වෙනවා. පෙනුමෙන් නම් ජිවන ගමන ඉදිරියට රැගෙන යන්න උපරිමේටම කට්ට කනවා වගේ...
අවුරුදු 35ක් වගේ පෙනුමක් තියෙන අක්ක කෙනෙක් බැගපත් වෙනවා. පෙනුමෙන් නම් ජිවන ගමන ඉදිරියට රැගෙන යන්න උපරිමේටම කට්ට කනවා වගේ...
මේ ගිනි ගහන අව්වේ පිච්චි මල් විකුණන එක ලේසි වැඩක් යැ..
"මේ මිස් මට දැකල පුරුදුයි වගේ..." මට නිකන්ම කියවුණා...
"එකනේ මටත් මේ මහත්තයව හොදට දැකල පුරුදුයි වගේනේ..."
"ළඟදි ඉස්පිරිතලේකවත් හිටියද???"
"අහ මේ අපේ doctor නේ. දැන් අපේ දුවට හොදටම හොදයි."
එතකොට මේ කාන්තාව ගැන චායාවක් වගේ මතක සටහනක් හිතේ ඈත කොනක ඇඳිලා ගියා.
අපි ළමා රෝග ඇපොයිමන්ට් එක කරන දවස් වල මේ අම්මයි දුවයි අපේ වාට්ටුවේ නතර වෙලා හිටිය. මොකටද aaවේ කියන්න නම් හරි හැටි මතකයක් නෑ. ඒත් දුවට හොදටම හොඳවුණා කියල නම් මතකයි.
කොහොම කොහොම හරි ආගිය විස්තර කතා කරන අතරේ පහන් දෙකකුයි, මල් පර්සලයකුයි හඳුන්කුරු පෙට්ටියකුයි ගත්ත.
අපිව හොඳ කරපු මහත්තයගෙන් කොහොම සල්ලි ගන්නද. කියපු මෙයා සල්ලි ගන්න බෑ ම කියනවා...
එයා එහෙම බෑ කියන්නේ අවංකවමයි කියන එක මුණ දිහා බලද්දිම තේරෙනවා.
තාම medical student ල වෙන අපි ගැන, ලෙඩ හොඳ කරගත්තු මෙයාලගේ හිතේ තියන ගෞරවය, පැහැදීම දැකල මං කොච්චර වාසනාවන්තද කියල හිතුන.
මේ කතාව මෙහෙම ලියන්න හිතුනේ මඟ තොටේදී හමුවූ පරණ ලෙඩෙක් ගැන බ්ලොග් ලියන තවත් අපේම සහෝදරයෙක් ලියපු පොස්ට් එකක් දැකල.
එකත් කියවලම යන්න. මෙන්න ලින්කුව...

"අපිව හොඳ කරපු මහත්තයගෙන් කොහොම සල්ලි ගන්නද..."
ReplyDeleteමනුස්සකම රැක ගත්තු මිනිස්සු...
පිළිකා රෝහලේ වැඩ කරන මිත්‍රයෙක් කීවේ "මචං කොච්චර පොල් කැඩුවත් මේ ඉස්පිරිතාලේ වැඩ කරන වෙලාවේ ලැබෙන තෘප්තිය දැනෙන්නේ නෑ කියල..."
එහෙම අයට මෙහෙම ප්‍රතිචාර ලැබිය යුතුමය...
ඒ අනවශ්‍ය බැඳීමක්. ඒක අතහරින්න ඕනෑ. නැතිනම්, ඊලඟට දොස්තරලා, නර්ස්ලා අතින් වැරදි වුනාම ඒවාත් අමතක කරන්න වෙනවා. ඊළඟට අනවශ්‍ය සිවිල් බලයක් එනවා. ඒවා ලෙඩා-වෙදා අතර මූලික ගණුදෙණුවෙන් පරිබාරිහර දේවල්.
ReplyDeleteඕකම තමයි වෙනස් ආකාරයකට මන්තිරිලා-ඇමතිලා සහ ඡන්දදායකයින් අතර වෙලා තියෙන්නේ.
ඇත්ත තාමත් අපේ හිත්වල දොස්තර වරු ගුරුවරු වගේ චරිත පූජනීයයි.එහෙව් ඔයාලා කොහොම අපේ ජීවිත ඇපේට අරන් ස්ට්‍රයික් කරනවද කියලා වෙලාවකට හිතෙනවා.ඔයා වගේ හිතන දොස්තර වරු ඉන්න කල් අපේ ජීවිත ගැන බය වෙන්න දෙයක් නෑ
ReplyDeleteඑහෙව් දොස්තරල ට මයි පහු පහු වෙනකොට පතුරු යන්න බයින්නෙ ඒත් බලපුවාම දෙපැත්තම සමයි...
ReplyDeleteදොස්තර මහත්තයට හොද තව වැඩියෙන් අහල්ට ලැබෙන්ට ඕන
ඔව්වා නෑ මචෝ තව ටික කාලෙනින් PP කරන්න පටන් ගත්තම.
ReplyDeleteජීවකලා නේ බන්???
ReplyDeleteඒ සැලකිල්ල දිගටම තියාගන්ඩයි ඕනේ!!!
sira
ReplyDeleteසතුටුයි මල්ලි. දිගටම කේසස් වලට බෙහෙත් කරන් නැතිව මිනිස්සුන්ට බෙහෙත් කරන්න.මිනිස්සුන්ව හම්බු කරන්න. එතකොට අනික් හැම දේම නිකම්ම ලැබෙනවා. අන්තිමට ඉතිරි වෙන්නේ පර්මිට්වත් පඩියවත් පීපී එකවත් නෙවෙයි. හම්බ කරපු මිනිස්සු විතරයි
ReplyDeleteරැකියාව පිලිබඳ මේ උද්‍යෝගය සහ තෘප්තිය දිගටම රැඳේවා.
ReplyDeleteරෝගියෙකු සුවපත් වීම දැකීම ඉතා සතුටකි
ReplyDelete