සමහර ලෙඩ්ඩු හරිම ලැජ්ජයි. එයාල දොස්තර මහත්තයාටත් ඇත්ත කියන්නේ අන්තිමම ම මොහොතේදී. මේ ඒ වගේ ලෙඩෙක් ගැන කතාවක්...
මෙයා මට මුණගැහෙන්නේ ප්‍රසව හා නාරි වේද වාට්ටුවකදී. ප්‍රසව කියන්නේ බබ්බු හම්බවෙන්න ඉන්න අම්මලා සිටින කොටස. නාරිවේද කියන්නේ කාන්තාවන්ට පමණක් සීමා වූ රෝගී තත්ත්වයන් සහිත ලෙඩුන් සිටින කොටස(ගර්භණිතාවය හැර)...
නාරිවේද කොටසේ වෛද්‍යවරයා ට පරික්ෂා කර බැලීමට සිටිනා ලෙඩුන් සිටි පෝලිමේ බොහොම අමාරුවෙන් මේ කාන්තාව වාඩි වෙලා ඉන්නවා. මෙයත් එක්ක පිරිමි කෙනෙකුත් ඇවිත් හිටිය. එක පාරටම මෙන්න මේ පිරිමි කෙනා මාත් එක්ක කතාවකට වැටෙනවා.
'පොඩි දොස්තර මහත්තයා මගේ නෝනට ගොඩක් අමාරුයි.'
'මොකක් වෙලා ද එයාට?'
'එයාගේ බද හොඳටම රිදෙනවලු.'
මං මේ කාන්තාව දිහා ආයෙත් සැරයක් බැලුව. ඇත්ත තමයි , මෙයා ලොකු අමාරුවකින් වගේ ඉන්නේ !
වාට්ටුව භාර කණිෂ්ඨ වෛද්‍යවරයා ළඟට දුවගෙන ගියපු මං මේ ලෙඩා ගැන ඔහුට කිව්වා.
එතුමා මේ කාන්තාව ගෙන් දැන් ප්‍රශ්න අහනවා.
'මොකක්ද ඔයාට තියන අමාරුව?'
'මගේ බඩ හොදටම රිදෙනවා මහත්තයෝ'
'එහෙනම් නගින්න බලන්න ඇඳට...'
පරික්ෂාවෙන් පස්සේ වෛද්‍යතුමාගේ මූණ අමුතු විදියට වෙනස් උණා.
මල්ලි මේ ගෑණි ට බබෙක් හම්බවෙන්න ඉන්නේ. අමාරුයි කියල කියල තියන්නේ විලි රුදාවට. තව පැයක් යන්න කලින් බබා හම්බ වෙයි ගොඩක් වෙලාවට.
පරික්ෂා කරලා බලනකන් ම තමන් ප්‍රෙග්නන්ට් කියල මේ ලෙඩා වචනයක් වත් කිව්වේ නෑ. හොඳ වෙලාවට ලේබර් රූම් එක ළඟ පාතක තිබුනේ. ලේබර් රූම් එකට දාල පැය භාගයක් යන්නත් කලින් මේ කාන්තාව පිරිමි දරුවෙක් ප්‍රසුත කළා.
මේ කාන්තාව ළඟ එයාගේ ගර්භණි කාලයට අදාළ සායනික වාර්තා සහ විශේෂ පරීක්ෂණ වාර්තා මුකුත් ම තිබුනේ නෑ. පස්සේ අහල බලපුවාම කිව්වා එයා ක්ලිනික් එකකට වත් ගියේ නෑ කියල. ඒ මොකද කියල අහපුවාම මෙයා බිම බලාගත්ත.
හොඳ වෙලාවට හැමෝගෙම වාසනාවට කිසිම කරදරයක් නැතුව මේ අම්ම නිරෝගී දරුවෙක් බිහි කළා. හදිස්සියෙවත් සංකුලතාවයක් එහෙම ආවනම් ගොඩක් වෙලාවට මේ අම්මගේ ජීවිතේට උනත් හානියක් වෙන්න ඉඩ තිබ්බ. ඒ මේ අම්මගේ රෝග විස්තර, ගර්භණි සමය ගැන කිසිම විස්තරයක් අපි දන්නේ නැති හන්ද...
ඉතින් අන්තිමට කියන්න තියන්නේ ඔබත් දොස්තර මහතෙකු හමුවට යනවනම් සියල්ල නොසඟවා පවසන්න කියන එකයි.
සමහර රෝගීන් ලැජ්ජාවටත් / නොදැණුවත්කමටත් රෝගය ගැන කියන්නේ නැහැ. වරක් මම නාරි හා ප්‍රසව අංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෙලා හිටියා. ගොඩක් කාන්තාවන් ඝර්භාෂයෙන් ලේ වහනය වීම ගැන කියන්නේ නැහැ. කියන්නේ යටි බඩ වේදනාවයි කියලා. ඕපීඩී එකේ යටි බඩ වේදනාව කිව්ව හැටියම දමන්නේ ශල්‍ය ඒකකයට.
ReplyDeleteවරක් ක්ලිනික් එකට ආපු මහළු කාන්තාවක් මට කිව්වා මගේ නිමිත්තේ ගෙඩියක් කියලා . පස්සෙ තමයි මට තේරුනේ මේක Bartholin abscess එකක් කියලා . ඒකට නම් ඉතින් වැරැද්දක් කියන්න බැහැ.
මෙහෙම යටි බඩෙන් රුධිර වහනය වූ කාන්තාවක් දවසක් ශල්‍යවෛද්‍ය වාට්ටුවකත් ළමයෙක් බිහි කරලා තිබ්බ... අයිය දැන් කොහෙද වැඩ කරන්නේ???
Deleteසමහර විට නොදන්නා කම වෙන්නත් පුළුවන්.
ReplyDeleteඒක නෙමෙයි, මේක නං වෙන කාරණයක්. මට පෙනිලා තියෙන දෙයක් මම සදහන් කරන්නේ. වැරදි වෙන්නත් පුළුවන්. එහෙනං සමාවෙන්න.
ඒ තමයි මට පේන විදියට ලංකාවේ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරියන් බොහොමයක්ගේ පවුල් ජිවිත පිටතින් පෙනෙනා විට හොදින් තිබෙනවා. එනමුත් අභ්‍යන්තරයෙන් බැලුවම ඒ අය ඔහේ ජිවත් වෙනවට ජිවත් වෙනවා නේද? එකිනෙකා අතර කිසිම ආදර සම්බන්ධයක් නැතිව වගේ. මට හිතෙන්නේ වෛද්‍ය වෘත්තීයේ යෙදෙන අයට අනික් මිනිස්සු වගේ සංවේදීතාවයක් නැති වීම මේකට හේතුව කියලයි. මොකද රෝගීන් දැකලා දැකලා, මිනිස්සුන්ගේ ශරීර දැකලා දැකලා ලිංගික හැගීම් උනත් අඩු වෙනවාද?
මගේ සහෝදරයන් දෙදෙනාමැ වෛද්‍යයවරු. ඔවුන් විවාහ වී සිටින්නේත් වෛද්‍යයවරියන් සමග. පිටත අය බලනකොට ඔවුන් හොදින් ජිවත් වෙනවා. ඒත් ඔවුන්ගේ පවුල් ජිවිත අසාර්ථකයි. වැඩ වැඩ වැඩ. ජීවිතය විඳින්නේ නෑ.
අපේ පවුලේ වෛද්‍යය වෘත්තීයේ යෙදෙන අය(ලගම හිතවතුන්) දහ දොළොස් දෙනෙක් ඉන්නවා. ඔවුන්ගෙන් එක් කෙනෙක්යි විවාහ වී සතුටින් ඉන්නේ. අනික් අය ජිවත් වෙනවට ජිවත් වෙනවා.
මමත් විවාහ කරගැනීමට සිටින්නේ වෛද්‍යවරියක්. ඇයත් බොහෝ වෙලාවට හැසිරෙන්නේ යාන්ත්‍රික විදියට.
වෛද්‍යවෘත්තීයේ යෙදෙන අය අනුන්ගේ ජිවිත සනීප කරන්න ගිහිං තමුන්ගේ ජිවිතේ කාලකන්නි කරගන්නවා කියන්නේ ඇත්තද?
(සංවාදයක් ගොඩ නැගෙනවා නං කැමතියි මේ ගැන. )
Isn't this a situation about individuals not about professions. May be doctors can comment about situations unique to them. But isn't it the same for nurses, para medics etc.
DeleteA few years back, when I worked in a semi-govt. financial institution in Sri Lanka, a major criteria for promotions was whether the staff members worked after hours and/or week ends. The longer some one works regardless of the quality of work, it was better. How stupid. I think westerners are much more concerned about work life balance. People get rewarded for taking time off the work not for working day and night like idiots.
සමහර විට දෙන්නනම එක වගේ කාර්යබහුල හන්ද වෙන්නත් ඇති. හැබැයි මං තාම ඕව ගැන දන්නේ නෑ. පොඩි නේ අපි තාම...
Deleteall the professionals can write thousands of stories based on their true experiences. you can write your own one in one day... in srilanka, we have less resources and talented personnel. so there's no other option than over working . එහෙම කරලත් සමහර සැත්කම් වලට අවු 2 කට එහා දිනයක් දෙන්න වෙන වෙලාවල් තියනව...
Delete//මල්ලි මේ ගෑණි ට බබෙක් හම්බවෙන්න ඉන්නේ. අමාරුයි කියල කියල තියන්නේ විලි රුදාවට. තව පැයක් යන්න කලින් බබා හම්බ වෙයි ගොඩක් වෙලාවට.//
ReplyDeleteදොස්තර මහත්තුරු මෙහෙම කතා කරනවද? මම හිතුවේ, 'පොත්ගුල්ලෝ මෙයාට බබෙක් හම්බවෙන්ට ඉන්නේ' කියයි කියලා. :P
පොඩි දොස්තර මහත්තයට එයාගේ ලොකු බඩ දැක්කාම නිකමටවත්, මුකුත් හිතුනේ නැද්ද? :P
ඔව් අපි එහෙම කතා කල යුතුයි. ඒත් මේ වගේ වගකීමෙන් තොරව වැඩ කරනකොට නම් තරහත් යනවා.. අපිත් මිනිස්සුනේ...
Deleteතඩි බඩ කියන එක හැමෝටම නෑ. එක්කෝ ළමය පොඩි වැඩියි. එක්කෝ ඇඳලා ඉන්න විදිහට මෙයාල ප්‍රෙග්නන්ට් කියල අපිට නිකමටවත් හිතන්න බෑ. හිතෙන්නෙත් නෑ.
ඒකනේ මාත් හිතුවේ...... ඉතින් බඩ ලොකුවට තිබුණේ නැද්ද?
ReplyDeleteතඩි බඩ කියන එක හැමෝටම නෑ. එක්කෝ ළමය පොඩි වැඩියි. එක්කෝ ඇඳලා ඉන්න විදිහට මෙයාල ප්‍රෙග්නන්ට් කියල අපිට නිකමටවත් හිතන්න බෑ. හිතෙන්නෙත් නෑ.
Deleteජීවිතේට ක්ලිනික් ගිහිල්ල නැති අය දරු ප්‍රසූතියට එනව කියල ඉස්පිරිතාලෙක වැඩකරන මගේ නෝනත් කියනව. ඒ කතන්දර වලට යටින් තියෙන්නෙ බොහොම කණගාටුදායක කතා.
ReplyDeleteකොහොම ආවත් අපි ඒ හැමෝටම එක විදියට සළකන්න පුළුවන් තරම් උත්සාහ කරනවා.. මෙයාලගේ වැඩ හන්ද වෙලාවකට තරහත් යනව හැබැයි. අපිත් මනුස්සයොනේ.
Deleteයකඩෝ මට පොත්ගුල්ලව මිස් වුනා නෙව? කව්දෑ දන්නෙ ඩොකෙක් බව?
ReplyDeleteබුක්මාක් දා ගත්තා, දැන් ඔක්කොම බලඤ්ඤං :)
එක්වීම සතුටක්...
Deleteදොස්තරලා කියන්නෙ අමුතු ජාතියක් නෙමෙයි. ගෙදර හතර දෙනෙක්ම ඉන්න හින්ද දන්නවා රඟේ...... ;)
ReplyDeleteමේ වගේ දේවල් ඇත්තටම වෙනවා නේද. එහෙම උනාම අපහසුතාවට පත්වෙන්නෙ දොස්තර. බැරි වෙලාවත් අම්මට හරි දරුවට හරි මොනවා හරි උනා නම් ඒ වෙලාවෙ මිනිස්සු බනින්නෙ ඩොකා ට.
Deleteඑතකොට නම් රැවුලයි කැඳයි දෙකම බේරාගන්නේ හරිම අමාරුවෙන්...
Delete