ඔබ කෙදිනක හෝ අස්ථි බිඳී යාමක් හෝ සන්ධි පැනීමකින් පීඩා වින්ද තිබේද???
මෙවන් රෝගාබාධ සඳහා ශ්‍රිලංකාවේ බොහෝ දෙනෙක් තවමත් සිංහල වෙදකම සඳහා නිතැතින්ම යොමු වේ. ඒ ඉංග්‍රීසි ප්‍රතිකාරවල දී මෙන් නොව සිංහල කැඩුම් බිඳුම් වෙදකමේ දී වරු තුන හතරකින් සුවය ලබා සුපුරුදු දින චර්යාවට ඉක්මනින් අනුගත විය හැකි බැවිණි.
නමුත් තවත් සමහරුන් මෙවන් රෝගී තත්ත්ව වලදී බටහිර ප්‍රතිකාර සඳහා යොමු වෙති.
"මෙච්චර දියුණු තාක්ෂණයක් තියෙද්දී සිංහල වෙදකම් කරලා අත් කකුල් ඇද කරගන්නේ පිස්සුවකටැයි. ටික කාලයක් අත වෙළාගෙන ඉන්න උනාට කෑමක් නෑ;වැඩේ හරියට වෙනවනම්." එවන් රෝගීන් එසේ පිළිතුරු දෙයි.
මෙහෙම ලියන්න හිතුනේ පහුගිය දවසක මගේ යාලුවෙක්ට වෙච්ච ඇබැද්දියක් මතක් වෙලා. යාලුවෙක්ට කිව්වට යාළුවගේ අම්මට. එයා වැටිලා අතේ හන්දිය පැනල. ඉතින් මගේ යාළුවත් මම වගේම වෛද්‍ය ශිෂ්‍යයෙක් හන්ද එයා ඉක්මනට ම අම්මව ශල්‍ය වෛද්‍ය වාට්ටුවට ඇතුලත් කළා. ඉක්මනටම X-Ray එකකුත් ගත්ත. වැඩි අවුලක් නැති හන්ද පොඩි ශල්‍ය කර්මයක් කරලා පැනපු හන්දිය ආයෙත් තිබ්බ විදියටම හැදුව.
හැබැයි පොඩි අවුලක් . අම්මට මෙන්න මේවිදියට අත තියන් සති 6ක් ඉන්ඩ කියල
දොස්තර මහත්තයා කියල.
අම්මට හෙනම අවුල. පුත්තන්ඩිය දොස්තර පැටිය උනාට අම්මනම් හිටියේ කැඩුම් බිඳුම් වලට සිංහල බේත් හොදයි කියන මතයේ. පුතාගේ කීමට වාට්ටුවට ආවට එයා ඇවිත් තිබුණේ වැඩි කැමැත්තකින් නම් නෙවෙයි.
ශල්‍යකර්මයෙන් දවස් තුනකට විතර පස්සේ ටිකට් කැපුවහම අම්ම පුතාට හොරෙන් වේද මහත්තයෙක් ළඟට ගිහින්. ඉංග්‍රීසි දොස්තර මහත්තය අම්මගේ අත හරියට හදපු හන්ද මේ වේද මහත්තය අර ප්ලස්ටරේ අයින් කරලා එයාගේ බේත් තෙල් ටික හන්දිය උඩින් තියල බැඳල.
දවස් තුන හතරයි ගියේ. මෙන්න අම්ම පරණ පුරුදු විදියටම වැඩ... අතේ අවුලක් තිබ්බ කියල නාමයක් වත් නෑ... ඉංග්‍රීසි වේදකමේම එල්බගෙන හිටියා නම් තාමත් ඈ අත බැඳගෙන...
අද අපි ඉංග්‍රීසි ප්‍රතිකාර ක්‍රම වලට මල් පහන් තියාගෙන වැඳගෙන හිටියට අපි ගොඩ දෙනෙක් ගණන් ගන්නෙවත් නැති ආයුර්වේද වේද කම සියවස් ගණනාවක් තිස්සේ පරම පරවෙන් පරම පරාවට පැවතගෙන ඈ ඉතා දියුණු වෛද්‍ය ක්‍රමයක්. ඒත් ගුරු මුශ්ධි සහා තාක්ෂනය ට අනුගත නොවීම වාගේ බොහෝ හේතු
නිසා අද මේ ශ්‍රේෂ්ඨ වෛද්‍ය ක්‍රමය අභාවයට ගොසින් සහ ජනතා පිළිගැනීමෙන් දුරස් වෙලා.
නමුත් විකලාංග වෙදකමේ දී නම් මේ කියන දුරස්ථ කම එහෙමත් නැතිනම් අභාවයට යෑම තරමක් දුරකට හෝ වලංගු ප්‍රකාශයක් නොවේ.
බිඳීමකට හෝ පැනීමකට අස්ථි හෝ සන්ධි ලක්වවීමක දී ස්නායු, රුධිර වාහිනී සහ tendan වැනි අවට පිහිටි දෑ ද බොහෝවිට හානි වීමකට ලක්වේ. ඉංග්‍රීසි වෙදකමේ දී X කිරණ සටහන්, CT සටහන්, අතිධ්වනි ඡයාරුප ආදී නොයෙකුත් තාක්ෂණ ක්‍රම මගින් සහ රෝගියාගේ රෝග ලක්ෂණ අනුව ආබාධය පිලිබඳ ව වඩාත් නිරවද්‍ය වූ නිගමනයකට එළඹීම පළමුකොටම සිදුවේ. පසුව ඒ සියල්ල ද නිවැරදි කිරීමක් සිදු කරනු ලබයි. රෝග ලක්ෂණ අනුව අවශ්‍ය නම් ශල්‍යකර්ම ද සිදු කරයි. ස්නායු වලට හානි සිදුව තිබේනම් ශල්‍ය කර්ම කොට ඒවා ද යථා තත්වයට පත් කරනු ලබයි.
එහෙත් සිංහල වෙදකමේ දී මේ කිසිත් නොබලා ( බොහෝ විට X කිරණ සටහනක් පමණක් ) ප්‍රතිකාර ක්‍රම සිදු කරන බැවින් බොහෝ විට පසු කලෙක රෝගියා සන්ධි ඇදවීම්, ස්නායු රෝගාබාධ වැනි සංකුලතා බොහොමයකට ලක් වේ. ඒ වනවිට ඒවා නිවැරදි කල හැකි අයුරින් තිබෙන ඒවා ද නොවේ. මෙවන් බොහොමයක් දෙනා මගතොටේ දී සහ රෝහල් භුමියේ දී මා හට මුණගැසී ඇත.
නමුත් ඉංග්‍රීසි බෙහෙත් වලට වඩා ඉක්මනින් සන්ධි හාවීම සිංහල වෙදකමේ දී සිදුවේ.
එබැවින් විකලාංග වෙදකමේ දී වත් සිංහල සහ ඉංග්‍රීසි කියන මේ අන්ත දෙක සුදුසු පරිදි එකතු කොට මහා බලගතු වූ ප්‍රතිකාර ක්‍රමයකට එළඹීමට සුදුසු කාලය මෙය නොවේද ???
මේකයි ඩොකා වැඩේ... එකම ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රයිවට් යුනි ,ආණ්ඩු යුනි ඩොකාලා හා නොවෙද්දි, නර්ස්ල මිඩ් වයිෆ්ල හා නොවෙද්දි, අටෙන්ඩන් ගෙ ඉඳල ප්‍රධාන වෙදදුරා වෙනකල් සහයෝගයෙන් හා-නොවෙද්දි කොහොමද ඔය වෙනස් වෛද්‍ය ක්‍රම දෙක හාකොරන්නෙ?? ඊට කලින් මුලින් කිව්ව එව්ව හාකොරල ඉන්න වෙනවා..
ReplyDeleteඅනිවා... අපිට ආකල්පමය වෙනසක් අවශ්‍යයි. හැබැයි අර මගේ යාලුවාගේ අම්මා වාගේ හැමෝම හිතුවනම් වැඩේ ගොඩ...
Deleteමමත් ගොඩක් වේලාවට විශ්වාස කරන්නේ ආයුර්වේද ක්‍රම.
ReplyDeleteඅලුත් බ්ලොගක් පටන් ගත්තු එක ගැන ගොඩක් සතුටුයි. සුභ පැතුම්.
ආකල්පමය විතරක් නෙවෙයි මූල්‍යමය වෙනසකුත් අවශ්‍යයි...
ReplyDeleteසල්ලි තමා හැම දේකටම මුල..