අහිංසක මල් වගේ හැඩකාර ඒවගේම දඟකාර පුංචි පැන්චියෝ වගේම පුංචි පැන්චෝන්ගෙනුත් පිරිලා ඉතිර ගිය ළමාරෝග වාට්ටුවක තමයි පහුගිය මාසෙම මට ඉන්න ලැබුණේ.
මල් වගේ හුරතල් පුංචි ළමයිගෙන් මුළු වාට්ටුවම පිරිලා ඉතිරිලා ගිහින්. මටත් මගේ පුංචි කාලෙට අයෙම යන්නත් හිතෙනවා.
මෙයාල හැමෝම ඇවිත් ඉන්නේ එක එක රෝග වලට ගොදුරු වෙලා. සමහර පැන්චෝන්ට නම් වැඩි අවුලක් නෑ. එත් සමහරුනට නම් ටිකක් අමාරුයි. විශේෂඥ වෛද්‍යතුමිය සැපත් වෙන්න කලින් හිස්ට්‍රි ගන්නත් ඕනි. ඒ මදිවට විශේෂඥ වෛද්‍යතුමෙක් වෙන්න ඉතාම ආසන්න SRතුමා ගෙනාපු භිෂණයත් මදි නොකියන්න තිබුණ. (ඒ කිව්වේ එය අපෙන් ප්‍රශ්න අහනවා. උත්තර දන්නේ නැති උනාම අපිව වාත කරනවා. ඒක තමයි භිෂණය. :-) )
මේ හැමෝම අතරේ එක එක විදියේ අම්මලත් හම්බුනා.
වැඩිපුර පරිස්සම් කරන්න ගිහින් ලෙඩ වැඩි කරගත්තු ළමයි ගැන හිතෙනකොට නම් හරිම දුකයි. අක්කලත් එක්ක වැලි සෙල්ලම් බත් උයපු, වෙළවල් වලට බැහැල මඩ නාපු, දුවිලි ගොඩේ නටපු හරිම නැවුම් අතීතයක් මට නම් තිබ්බ. මේක කියවන ගොඩ දෙනෙක්ටත් එහෙම තියෙන්න ඇති. එහෙම කරා කියල අපිට මුකුත් උනේ නම් නැනේ.
ඒත් සමහර අමමල තමන්ගේ ළමයට එලියට බැහැල සෙල්ලම් කරන්න දෙන්නේ නෑ. වැලි සෙල්ලම් කරන්න දෙන්නේ නෑ... වෙන එකක් තියා හරියට නාවන්නේ වත් නෑ.
එක අම්ම කෙනෙක් හම්බුනා එය පුතාව මාසෙකින් නාවල නෑ. හෙම්බිරිස්සාව වැඩිවෙන හන්දලු. පොඩි එකා නො නා කොහොම ඉන්නවද මන්ද. තව ටිකක් විස්තර අහපුවම මෙය පණ්ඩිතකමට වගේ කියනවා ළමයාගේ සෙම අමාරුවට ප්‍රසිද්ධ ළයරෝග විශේෂඥ වෛද්‍යතුමෙකුගෙනුත් බෙහෙත් ගත්තයි කියල.
වතුරට බැහැපු ගමන් හෙම්බිරිස්සාව එනවා කියන්නේ ළමයට වතුර ඇලජික්. ළමයව වතුරට ටික ටික හුරු කරවන එක තමයි එහෙම ළමයින්ට දෙන ප්‍රතිකාරය.
අම්ම හෙට ඉදන් ළමයව නාවන්න. සෙම පොඩ්ඩක් වැඩිවෙයි. එක අඩුවෙන්න බෙහෙත් දීල තියන්නේ. බයවෙන්නේ නැතුව නාවන්න. නාවන්නේ නැතුව මේ ලෙඩේ හොඳ කරන්න බෑ. ඒ විශේෂඥ වෛද්‍යතුමා එහෙම කිව්වට මේ අම්ම බේත් ටික ඉවරවෙනකම්ම ළමයව නාවල නෑ. ආයෙම වැඩිවෙයි කියල හිතුනලු. නාවල දවස් දෙකකට පස්සේ ආයෙම පොඩි එකාට සෙම වැඩි වෙලා. මේ පාරත් අපේ විශේෂඥවෛද්‍ය තුමිය බෙහෙත් දීල, හොඳට නාවන්න කියල කියල ටිකට් කපල ගෙදර යැව්වා. මේ අම්මයි ළමයයි තව දවස් දෙකතුනකින් ආයෙත් සැරයක් වාට්ටුවේ දකින්න ලබුනොට් මන් නම් පුදුම වෙන්නේ නෑ.
ආසාදන වලට ප්‍රතිජීවක ඖෂධ නියම කරනවා කියල ඔයාල දන්නවා ඇතිනේ. වේලක් දෙකක් බිපුවම අමාරු නම් අඩු වෙනවා. ඉතින් අපි ආයේ ඒවා බොන්නේ නැනේ. නොබීව කියල අපි ආයෙම ලෙඩ වෙන්නෙත් නෑනේ. ඒ අපේ ප්‍රතිශක්තිය හොඳ හන්ද. ඒත් පුංචි ළමයින්ගේ නම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳට වර්ධනය වෙලා නැති හන්ද ලෙඩේ අඩු උනත් එයාලට නම් බේත් ටික ඉවරවෙනකන්ම හරියට දෙන්න ඕනි. මේ විදියට ළමයට හරියට බෙහෙත් ටික දෙන්නැතුව ආයෙම ළමයව ලෙඩ කරන ආපු අම්මලත් හිටිය. ඔයාලගේ පොඩි එකා ලෙඩ උනොත් බේත් ටික ඉවර වෙනකන්ම හරියට දෙන්න හොදේ...
අවුරුද්දක ළමයෙක් වඩාගෙන සායනයට ආපු වැදගත් පෙනුමක් තියෙන අම්ම කෙනෙක් කිව්වේ වෙනස් කතාවක්. ළමයාගේ බර හොදටම අඩුයි ලු. අම්ම දිහා බලපුවම නම් දුප්පත් පාටක් ගෑවිලාවත් තිබුනේ නෑ. විස්තර අහපුවම හොදට සල්ලි බාගේ තියෙන, වලව්වක ඉන්න කට්ටියක් ලු. ඒත් පොඩි එකාට මන්ද පෝෂණය වගේ...
හොයල බලපුවම මේකයි වෙලා තියන්නේ. ළමයාගේ ආච්චි ඒ කියන්නේ අම්මගේ නැන්දම්මා ගතානුගතික කෙනෙක්. සෙම ඇවිස්සෙයි කියල සමහර කෑම ජාති කන්න දෙන්න එපා කියල. ඌෂ්නෙ වැඩිවෙයි කියල මේමේ කෑම ජාති කන්න දෙන්න එපා කියල. තව තව එක එක ඒවා වෙයි කියල තව තව කෑම ජාති කන්න දෙන්න එපා කියල. මේකතා ඔක්කොම අහපු ළමයාගේ අම්ම ළමයට ගුණ කෑම මුකුත්ම දීලම නෑ... ඉතින් ළමයට මන්ද පෝෂණය නොහැදෙයි ද...
මේවගේ රසබර වගේම දුක්බර කතා ගොඩක් අතරේ ගෙවිච්ච ළමාරෝග වාට්ටුවේ ජිවිතයට සමුදෙන්න වෙන දවසත් ළඟ ළඟම එනවා...
ඒකත් දුක තමා නේද? සල්ලි තිබිලත් මන්ද පෝෂනය හැදෙන එක...?
ReplyDelete