Tuesday, January 6, 2015

ඇරඹුම...

                        ඩොකාගේ ඩයරිය කියල නමක් දැම්මට තාම මම ඩොකෙක් නෙවෙයි කියල මුලින්ම කියන්න ඕනි. මම අද දවසට (07-01-2015) හතරවෙනි වසර වෛද්‍ය ශිෂ්‍යයෙක්.

                                                                 නොයෙකුත් රෝගාබාධ වලට ප්‍රතිකාර ගැනීමට ශික්ෂණ රෝහල් වෙත පැමිණෙන විවිධාකාරයේ රෝගීන් රැසක් වෙද සිසුවෝ වන අපට හැමදාමත් මුණගැසෙනවා. 

                                         පොඩි හෙම්බිරිස්සාවක් වෙච්ච ගමන් සමහරු දුවගෙන එනවා. ඒ අතරේ තවත් සමහරු රෝහල වෙත එන්නේ ඔවුන්ගේ රෝගාබාධය උපරිමේටම වැඩි උනාට පස්සෙයි. 

                                                    ඒ කොහොම ආවත් බොහොමයක් දෙනා ඉක්මන් සුවය ලබල ටික දිනකින්ම රෝහලෙන් පිටව යනවා. තවත් සමහරකට  ටික කාලයක් රෝහලේ ඇඳක් මතට වෙලා ඉන්නත් සිදු වෙනවා.

                  කොයි විදිහේ කෙනෙක් උනත් ඒ බොහොමයක් දෙනා අපට හිතන්න කතාවක් ඉතුරු කරලා අපෙන් සමු අරන් යන්න යනවා.

               ඉතින් ඒ කතා මට පුළුවන් විදිහට මේ බ්ලොග් රෝලේ අද ඉඳන් ලියවෙයි.

13 comments:

  1. එහෙම රෝගීන්ගේ කතා මෙතන දාන එක හොද නෑ නේද මහත්තයෝ? මනුස්සයෙක් ලෙඩක් දුකක් හැදිලා රෝහලට ආවම පස්සේ කරන කියන දෑ තැන් තැන් වල කියව කියවා යන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඔබට පිළිතුරක් දෙනවට වඩා අලුත් පොස්ට් එකක් දාන එක හොඳයි කියල හිතුන. කියවල බලන්න ඔයාට ඕනි උත්තරේ එතැන ඇති...

      Delete
    2. ඇනෝ අසා ඇත්තේ එතික්ස් පිළිබඳ ප්‍රශ්ණයක්, එයට ස රස (Sa rasa) මෙන් අපහාස නොකර පිළිතුරක් දීම වැදගත්.

      Delete
  2. ජයවේවා... දිගටම ලියන්න...
    ඉහත කොමෙන්ට් එක දැමූ ඇනෝ case discussion කියලා එකක් ගැන දන්නේ නැති හාදයෙකි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.... අනිවා... ඇනෝ ශික්ෂණ රෝහලක් වෙත ඇවිල්ලම නෑ වාගේ...

      Delete
    2. ඔබ වැරදියි...
      ඇනෝ ශික්ශන රෝහලෙන් පිටව ගොස් නැත.. අංගොඩ ජාතික මානසික වෛද්‍ය ශික්ශන රෝහලෙන්

      Delete
    3. මේ ස රස ට නම් මෙඩිකල් ෆෑකල්ටියේ ඉගෙන ගන්නා අයගෙන් ප්‍රයෝජනයක් නෑ. පොරට වෙටනරි ෆැකල්ටියේ අයගේ සරණයි.

      කලින් බ්ලොග් ලියපු ළමයෙක් හිටියා ඇය වෙටනරි ෆැකල්ටියට ගියාට පස්සේ ලිවිල්ල අත හැරියා!

      Delete
  3. නියමයි නියමයි.....ඩොකෙක් විතරයි අඩුවෙලා හිටියේ....දැන් ඒකත් හරි...
    දැන් බ්ලෝග් ලෝකේ සම්පූර්ණයි....
    දිගටම ලියමු දොස්තර මහත්තයා...

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් අවකාශයේ ඇම්බීබීඇස් කාරයෝ බර ගණනක් ඉන්නවා!

      Delete
  4. අළුත් බ්ලොගයට සුභ පැතුම්.
    දැන් සිව්වෙනි වසරේ කියන්නේ ලඟදීම ඩොකට පාස් වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. ළඟදීම කිව්වට තව අවුරුදු එක හමාරක්ම තියෙනවා...

      Delete