
මාසෙකට විතර පස්සේ මෙයාට එක පාරටම සිහිය නැති වෙලා. එයා ගියපු රජයේ මහරෝහලෙන් හිසේ CT පරීක්ෂණයක් කරලා. මොළේ ලේ නහරයක් පුපුරළලු. ස්නායු ශල්‍යවෛද්‍යතුමෙක් ළඟට යොමු කරාට පස්සේ එතුමා මෙහෙම කියල.
මේ ලෙඩාගේ ලේ ටික අයින් කරන්න ඔලුව කැපුවොත් අනිවාර්යයෙන්ම ලේ ගිහිල්ලම ලෙඩා විනාඩි පහක් විතර ඇතුලත මැරෙනවා. ඔයාල අපහු ගිහින් පිරිත් ටිකක් දාල තියන්න. අපිට කරන්න වෙන කිසිම දෙයක් නෑ.
මෙයාල සල්ලි තියන කට්ටියක්. කොළඹ ලොකුයි කියන පුද්ගලික රෝහලකට ගිහින්. එහෙදි මෙහෙම කියල.
ඇඩ්මිට් වෙන්න මට ඕක හොඳ කරන්න පුළුවන්.
ටික දවසක් මේ කියන පුද්ගලික රෝහලේ ඉඳල. අන්තිමට උනේ ලොකු බිලක් ආපු එකයි මේ ලෙඩා මරුතුරුලට ගියපු එකයි විතරයි.
විශේෂයෙන්ම කියන්න ඕනි දේ තමයි පුද්ගලික රෝහල් වල ලබාදෙන සේවාවන් ඊටත් වඩා හොඳින් ඇතැම් මහ රෝහල් වල නොමිලේ ම සිදු වෙනවා. මා ඔබට බයිපාස් එකක් කිව්වොත් ඔබට පළමුව මතක් වෙන්නේ කොහෙද ?? පුද්ගලික රෝහලක් නේද? ඔබ දන්නවාද ඔබ දන්නවාද කොළඹ ජාතික රෝහල, මහනුවර මහරෝහල ආදී මහරෝහල් කිහිපයක මේ කියන බයිපාස් සැත්කම් සැමදාම වාගේ නොමිලේ සිදුවන බව? එකම දේ තමයි රජයේ රෝහල් වල පොරොත්තු ලේඛණය ඇතැම් විට අවුරුදු ගණන්. එතකොට බොහෝ පුද්ගලික රෝහල් වල බිල ගිනි ගණන්.

මේ දේම අපේ මොළයේ අභ්‍යන්තර ලේ නහර වල සිදු උනොත් අපි එකට කියන්නේ Brain (cerebral) aneurysm එකක් එහෙමත් නැත්නම් මොළයේ රුධිර නාල වල ඇතිවන ගෙඩි තත්ත්වයක් කියල. මිට අමතරව ප්‍රධාන රුධිර නාල වලත් මේ කියන Aneurysm(ගෙඩි) තත්ත්වය සුලබව දකින්න පුළුවන්.
දැන් බලමු Aneurysm වලට හේතු වෙන්නේ මොනවාද කියල.
සමහර අයට ආරෙට එන්න පුළුවන්.
සමහර විට උපතින්ම මේවා පිහිටා තියෙන්නත් පුළුවන්.
කාන්තාවන්ට වගේම කළු ජාතික අමෙරිකනුවන්ටත් මේ තත්ත්ව ඇතිවෙන්න තියන හැකියාව වැඩිලු.
අධික රුධිර පීඩනය තියන යට මේ කියන තත්ත්වය ඇතිවෙන්න ලොකු හැකියාවක් තියෙනවා.
ඒත් එක්කම කොලෙස්ටරෝල් තියෙනවනම් මේ හැකියාව තවත් වැඩි වෙනවා.
දුම් පානය කරනවානම් මේවා පුපුරයමේ හැකියාව ඉහලයි.
අපේ ලෙඩාට මේ දේ ඇවිත් තිබුනේ අධික රුධිර පීඩනය හන්ද...
රෝග ලක්ෂණ ගැන කිව්වොත්,
අපේ මොළයේ එක එක තැනින් වෙන්නේ එක එක වැඩ. ඉතින් මේ තත්ත්වය තියන තැන සහ අනුව රෝග ලක්ෂණ වෙනස් වෙන එක අනිවාර්යයෙන්ම වෙනවා.
එහෙත්,
අධික හිසරදය,
වමනය / ඔක්කාරය,
බොඳවී පෙනීම

ඒ පුපුරන්න කලින්. පිපිරුවට පස්සේ.
ක්ෂණිකව ඇතිවන
අධික හිසරදය,
වමනය
වලිප්පු තත්ත්ව (ෆිට් එක )
වගේම
රෝගියා සිහි මුර්ජවිම සිදු වෙන්න පුළුවන්.

ඉතින් ඔබටත් අධික රුධිර පීඩනය තියෙනවා නම් අඩු වෙන්නේ නැති හිසේ කැක්කුමක් තියනවනම් අපේ ලෙඩා වගේ ගෙදරට වෙලා පැනඩෝල් බිබී ඉන්නේ නැතුව හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් පතන්න කියන එක තමයි අන්තිමට කියන්න තියන්නේ.
![]() |
මොළය ඇතුලට ලේ ගොස් ඇති ආකාරය |
![]() |
රුධිර නාලයක ඇතිවූ Aneurysm හෙවත් ගෙඩියක් |
වැදගත් තොරතුරු ටිකක.............. ස්තූතියි..........
ReplyDeletehttp://hudekalasithuwili.blogspot.com/
:-)
Delete