Tuesday, August 1, 2017

අපි room එකකට ගියා... එයා pregnant... දැන් මොකද කරන්නේ...

මං මේ දවස් වල private practice කරන තැනට ආපු කපල් එකක් ගැන කතාවක් අද කියන්නම්...

මේ දෙන්නට පෙනුමෙන් නම් අවුරුදු 20ක් වත් නැතිව ඇති. අර I'm his - He is Mine කියල ගහපු T - Shirt ඇඳගෙන උකුළු මුකුලු පාපු මේ දෙන්න දකිද්දි මට හිතුනෙ හරිම ආදරණීය couple එකක් කියල.

Pregnancy test එකක් කරගන්න පුළුවන් ද? එයාල එහෙම ඇහුව.

පුළුවන් කියපු මිසී ගැහැණු ළමයගෙන් මුත්‍රා සාම්පලයක් එහෙම අරගෙන urine hCG test එක, ඒ කියන්නෙ pregnant ද කියල බලන මුත්‍රා පරීක්ෂණේ කරන්න පටන් ගත්ත.

රිපෝට් එක ආව. කෙල්ල pregnant !

කෙල්ල හොඳට ම භය වෙලා. අඬන්න ඔන්න මෙන්න වගේ... එකත් එකට ම මෙයාල තාම marry කරලවත් නැතුව ඇති.

ඔයාල ගිහින් VOG මහත්තයෙක් හම්බවෙන්න. එයා විටමින් එහෙම ලියල දේවි. මං එහෙම කීවට එයාලගෙ මුහුණුවල ඇඳිල තිබ්බෙ ප්‍රශ්නාර්ථයක සේයාවක්.

වෙන මොනවත් අහන්නෙවත් කියන්නෙවත් නැතුව මෙයාල යන්න ගියා...

කොහේ ගියා ද මොනව කරගත්ත ද මම නම් දන්නෙ නැහැ.

හැබැයි මේ හරියෙ හොරෙන් ගබ්සා කරන තැන් නම් ඕනි තරම් තියෙනවා...

Marry කරන්න කලින් Sex කරන්න එපා කියන එක මේ කාලේ කරන තේරුමක් නැති කතාවක්. හැබැයි අඩුම ගානේ උපත් පාලන ක්‍රම ගැනයි ලිංගාශ්‍රිත රෝග ගැනයි සාමාන්‍ය දැනුමක්වත් තරුණ ළමයින්ට දෙන්න විදියක් තියෙන්න ඕනි.

ලංකාව කියන්නේ ආගමික සංකල්ප කරපින්නා ගත්ත රටක් උනාට දවසකට අනවසර ගබ්සා 1000කට කිට්ටු ගණනක් වෙනවා කියන එකත් මේ වෙලාවේ ම මතක් කරන්න ඕනි. 

post එක හොඳ නම් like කරන්න share කරන්න වගේම comment කරන්නත් අමතක කරන්න එපා... 😀😃

10 comments:

  1. ලිවීම අගෙයි.

    මේ ගැන ඔයිය වැඩිය යමක් කරන්න ඔබ වගේ අයට පුළුවන් වෙන්න ඕනේ. අඩු ගානේ ඉස්සරහට හරි එකෙක් දෙන්නෙක් හරි දැනුම ලබාගනිවීනේ. මීට අමතරව මේ සම්බන්ද විෂයන් නිතර සමාජයේ කතා කරලා අවබෝධයක් ලබා දෙන්න පුළුවන් නම් අගෙයි. ආගම ස1න්ස්කෘතිය කරේ තියන් යන පරපුරකට වෙන මොනවා නම් කරන්නද ඩොකෝ?

    ReplyDelete
  2. අපි room එකකට ගියා... එයා pregnant... දැන් මොකද කරන්නේ... ඉයන් ගැන නේද මේ කියන්නේ ඩොක්ටර් කොහොමද හරියම දන්නේ

    ReplyDelete
  3. උතුරු කොලඹ මහ රෝහලේ සේවය කල කාලයේදී වෛද්‍ය සිසු සිසුවියන් සමග ප්‍රජනන අධ්‍යාපනය පිලිබඳ කල සංවාද වලදී ඔවුන් බොහෝ දෙනෙකු ගැබ්ගැනීම වළක්වන උපක්‍රම ගැන හරි හැටි දැන සිටියේ නැති බව මට තේරුම් යන ලදි. සමහර සිසුන් විශ්වාස කල පරිදි සංසර්ගයේදී ධාතු යෝනියෙන් පිටතට බැහැර කොට යළි සුරක්‍ෂිතව සංසර්ගයේ යෙදිය හැකිය​. එසේම බොහෝ දෙනෙකු සරු කාලය , ආර්තවය , ගැබ් ගත හැකි අවදානම් කාල පිළිබඳව හරි හැටි දැන නොසිටි බව මම ඔවුන්ට යොමු කල ප්‍රශ්න වලින් වලින් තේරුම් ගත්තෙමි.

    ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳව වෛද්‍ය සිසුන් ගේ දැණුම මෙසේ නම් ඈත ගම් දනව් වල තරුණ තරුණියන් ගේ ලිංගික දැණුම ගැන කතා කොට පලක් නැත​. මෙම ප්‍රදේශ වල ළමා ගැබ් ගැනීම් , සමාජ රෝග ව්‍යාප්තිය , ගබ්සා කර ගැනීම් ඉහල ගොස් තිබේ. මෙයට ප්‍රධාන හේතුව නම් නව යොවුන් වියේ ළමුන්ට ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳව දැණුමක් නොවීමයි.

    ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුලදී ප්‍රජනන සෞඛ්‍යය අධ්‍යාපනය නිවැරදිව සිදු වන්නේ නැත​. එවැනි විෂයක් නව යොවුන් වියේ දරුවන්ට ඉගැන්වීමට දැණුමක් මෙන්ම ඒ සඳහා කුසලතා පූර්ණ පෞරුෂයක් ඇති ගුරුවර ගුරුවරියන් හිඟය​. බොහෝ ගුරුවර ගුරුවරියන් ලිංගික අධ්‍යාපන පාඩම ළමුන්ටම කියවා ගන්නට කියති , නැතහොත් උඩින් පල්ලෙන් පන්තිය ඉදිරියේ ඇඹරි ඇඹරී කරති. මේ නිසා නව යොවුන් වියේ ගැබ් ගැනීම් , පූතික ගබ්සා අපගේ සමාජයේ බොහෝ සිදුවන අතර ඒවා සුදු පිරුවට මගින් වසා දැමීම විනා නිසි ප්‍රතිකර්ම කිරීමක් නම් සිදු නොකරති

    ReplyDelete
    Replies
    1. //වෛද්‍ය සිසු සිසුවියන් සමග ප්‍රජනන අධ්‍යාපනය පිලිබඳ කල සංවාද වලදී ඔවුන් බොහෝ දෙනෙකු ගැබ්ගැනීම වළක්වන උපක්‍රම ගැන හරි හැටි දැන සිටියේ නැති බව මට තේරුම් යන ලදි.//

      Same experience here...even in the case of interns

      Delete
  4. ලංකා ඊ නිව්ස් -2017.අගෝ.04, පෙ.ව‍‍‍‍‍.8.15) කොළඹ ප්‍රකට පුද්ගලික රෝහලක් වන ආසිරි පුද්ගලික රෝහලෙන් දන්ත ප්‍රතිකාර ලබා ගැනීමට ගිය තරුණියකට දන්ත ප්‍රතිකාර කරන අතරතුරදී දත් ජොස්තරයා විසින් ඇයගේ ශරීරය නොමනා ලෙස අත පත ගාමින් ලිංගික අතවරයක් කළා යැයි බලධාරීන් වෙත පැමිණිලි කර තිබේ.

    මෙම පාහර ක්‍රියාව කරන ලද දත් ජොස්තරයා නමින් කුමාර කළුආරච්චි නමැත්තෙකි. (සේයාරුවේ දැක්වේ) අතවරයට පත් තරුණියගේ ඥාතිවරියක වන ප්‍රියන්ති ජයසිංහ මහත්මිය විසින් ආසිරි පුද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂකවරයාටද , ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයටද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද, මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. (එම පැමිණිල්ලේ පිටපතක් ලංකා ඊ නිව්ස් වෙත එවා ඇති අතර එය මෙහි දැක්වේ.)

    මීට ඉහතදීද දන්ත වෛද්‍ය කුමාර කළුආරච්චි විසින් තරුණ රෝගී කාන්තාවන්ට විවිධ අතවර සිදු කොට තිබෙන බවට වාර්තා වී ඇත​. මෙම පුද්ගලයාගේ නොමනා ක්‍රියා කලාපය නිසා ඔහුගේ වෛවාහික බිරිඳද මොහුව අතහැර දමා විදේශ ගතවී තිබේ.

    ලංකාවේ කෙතරම් වෛද්‍යවරුන්ගේ හිඟයක් පැවැතියද, මෙවැනි පාහර ජොස්තර නීචයන්ගේ වෛද්‍ය බලපත්‍ර අහෝසි කර, මොවුන්ට උගැන්වීමට මහජනතාව විසින් වියදම් කරන ලද බදු මුදල්ද මොවුන්ගෙන් අයකර, වෘත්තියෙන් පන්නා දමා වෛද්‍ය වෘත්තියේ උත්තම භාවය ආරක්ෂා කර ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතුය.

    ReplyDelete
    Replies
    1. කෝ දැන් යහපාලනයේ පොලිසිය ,කොමිසෝන්
      ආසිරි පුද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂකවරයාටද , ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයටද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද, මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ


      ප්‍රියන්ති ජයසිංහ මහත්මිය ඇයි පොලිසියට පැමිණිල්ලක් දැම්මේ නැත්තේ ඔය පොලිසිවල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ වල පැමිණිල්ලක් දාලා එකේ පැමිණිලි අංකය සහ පොලිස්ස්ථානය කොහෙද

      කෝ මේවට ගත්ත පියවර දොස්තරව ඇරස්ට් කලාද

      පපඩ ෂෝ නේද>>>> බ්ලොග් පොලිස්ඉයන්.... ඇනොගේ XXX ටෞකන්න සිතාගෙන ඇඩ්වාන්ස් සල්ලිගත්ත එකාටවත් බැරිද පැමිණිල්ලක් දාන්න ශ්‍රී ලංකා පොලිසියේ

      Delete
  5. උඩ ඩොක්ට රුවන් කියුව වගේ ලංකාවේ පාසල්වල ප්‍රජනණ සෞක්්‍ය ළමුන්ට හරි හැටි ඉගැන්වීම ඉතාමත් දුර්වල ය. මෙයින් සිදුවන්නේ ගැබ් ගැනීම් හා නොදන්නාකම නිසා විවිධ අතවරයන්ට භාජනය වීම... මා හට මේ ළඟදී අට වසරේ ඉගෙන ගන්නා දැරියක් හමු උනා. මේ දැරිය කියන විදිහට ප්‍රජනණ සෞඛ්‍ය පාඩම අත් හැරලා තියනවා... ඉතින් විවිධ අපරාධවලට මේ දරු දැරියන් ගොඳුරු නොවේද...

    ReplyDelete
  6. නිර්මාණිගෙ අදහසට මං ගුරුවරියක් හැටියට එකඟයි.ළමයි බ්ලූ ෆිල්ම් වගේ දේවල් වලිං ලිංගිකත්වය ඉගෙනගන්නේ.
    විෂය නිර්දේශයේ මේ ගැන කතාකරන තරම ප්‍රමාණවත් නෑ

    ReplyDelete