Sunday, April 5, 2015

පියයුරු පිළිකාව සහ ඈ...

එදා මං හිටියේ ශල්‍යාගාරයේ... වයස අවුරුදු 45ක වගේ පෙනුමක් තියෙන කාන්තාවක් පියයුරු පිළිකාවක් නිසා පියයුරු ඉවත් කිරීමේ සැත්කමකට මුහුණ දෙන්න ඇවිත් හිටිය.

මෙයාගේ පිළිකාව වාසනාවකට වෙන කොහේටවත් පැතිරිලා ගිහින් තිබුනේ නෑ.

ඉතින් පිළිකාව තියන පියයුර විතරක් අයින් කළාම මෙයාට පුර්ණ සුවය ලබන්න පුළුවන්.

ඒ බව එයාට කලින්ම කියලයි තිබුණේ. ඒත් මෙයා එහෙම සතුටු වෙන්න කාරණයක් තියෙද්දිත් අඩ අඩ හිටියේ.

"මහත්තයෝ එතකොට එකක් නෑනේ..." ඇයි කියල අහපුවාම එයා එහෙම කිව්වා.

ඔය අතරේ එතෙන්න අපේ විශේෂඥ වෛද්‍යතුමා ආව.

"මේ අම්මගේ මහත්තයා මොනාද කරන්නේ?"

"අනේ මහත්තයෝ එයාට අංශ භාගේ හැදිලා කකුල් දෙකම පන නැතුව ඇඳට වෙලා දැන් ගොඩක් කල්... තනියම ඇඳෙන් බහින්නවත් බෑ."

"එතකොට ඔයාගේ ළමයි මොකද කරන්නේ?"

"එයාල තාම ඉස්කෝලේ යනවා මහත්තයෝ..."

අසල තිබුන රේඩියෝවෙන් ඊට ටික වෙලාවකට පස්සේ මේ සින්දුව වාදනය වුණා.

14 comments:

  1. ඩොකා... ඒ විදිහෙ ජීවිතත් තියනවා අද සමාජයෙ.. කාටවත් බනින්න බෑ ඒවට....

    ReplyDelete
    Replies
    1. ගණිකාව දිහා අපි හැමෝම බලන්නේ වපර ඇහින්. ඒත් එයාලගේ ජිවිත වල තියෙන්නේ වෙනම දෙයක්...

      Delete
  2. ඒ ජීවිත වලට ඉතින් දෙකම ඕනේ තමා ඩොකා.....
    අනික ජීවත් වෙනඩත් වෙන ක්‍රමයක් නැතුව ඇතිනේ....දුක තමා...

    ReplyDelete
    Replies
    1. දේශ පාලඥයෝ ටික එකතුවෙලා අසරණ මිනිස්සුන්ගේ සල්ලි වලින් කැසිනෝ ගහනව, ගණිකාවෝ එක්ක සැතපෙනවා. උදව් ඕනි මෙන්න මේ වගේ මිනිස්සු එයාලට ගණිකාවෝ වෙලා ඉන්නවා...

      Delete
  3. අනේ දොස්තර මහත්තයෝ මම මෙන්න මේ යු ටියුබ් වීඩියෝ එකේ තියෙන විදියට ගැජට් එකක් හදන් සෙල්ලං කෙරුවා. පොල්තෙල් දාලා තමයි මැසිම ස්ටාර්ට් කලේ. දැන් මගේ සෙක්ස් එක රිදෙනවා. ඇයි ඒ? බෙහෙතක් දෙන්න ඒකට.

    ReplyDelete
  4. බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයටත් දාන්න. පහතින් අපේ සින්ඩියට පිවිස අපට ලින්ක් එක මේල් කරන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. දැන්ම දානවා... ස්තුතියි ආරාධනාවට...

      Delete
  5. ලියවිල්ල කෙටි වුණත් ලොකු දෙයක් හිතන්න ඉතුරු කරල තියෙනව.
    ජය වේවා!!!

    ReplyDelete
  6. අද මට අහන්න ලැබුන පියයුරු පිළිකාවක් කියල දැනගත්තම ඔපරේෂන් එකට බයේ, කිමෝ රේඩියෝ තෙරපි වලට කොණ්ඩෙ යනව කියල සිංහල බෙහෙත් කර කර ඉඳල, ළමයි තුන්දෙනෙක් ඉන්න, අවුරදු 40 විතර අම්ම කෙනෙක් මැරිච්ච කතාවක්... සමහර වෙලාවට හිතාගන්න බෑ මේ ගෑණුන්ට පිස්සුද නැත්තං වෙන මොකක් හරි කේස් එකක් ද කියල... කොච්චර කිව්වත් තේරැං ගන්නෙත් නෑ නෙ... ගොඩක් අයට කිමෝ වලින් පස්සෙ කොණ්ඩෙ හොඳට හැදෙනව ආයිත්... නැති වෙන පියයුරේ අඩුව පේන්නෙ නැති වෙන්න කරන්න දේවලුත් තියෙනව... ( කිමෝ රේඩියෝ තෙරපි වලදි විඳින්න වෙන වද වේදනාව ඇස් දෙකෙන්ම දැකල තියෙන නිසා ඒකෙ අමාරුව හෑල්ලු කරනව නෙවෙයි... පොඩ්ඩක් ඇඩුවට කමක් නෑ... ඒත් ඊට වැඩිය ජීවිතේ වටින්නෙ නැද්ද කාට උනත්... )

    ReplyDelete
    Replies
    1. පිළිකා හොඳ කරන්න පුළුවන් කියල කියන සිංහල වේද මහත්හොරු ටික අතුගාලම දාන්න ඕනි... මෝඩ කමට බෙහෙත් නෑ කෞශි අක්කා...

      Delete
  7. අදයි මම මේ පැත්තට ආවේ..

    සමාජය හැම වෙලේම දොස් නගන දෙයක වුණත් අපි නොදකින පැත්තක් තියෙන්න පුළුවන්....

    ReplyDelete
  8. අඳුරේ මෝල් ගසින් ඇන එළියේ ගල් ගසන්නට හීන දකින සිල්වතුනි පවු මැකෙන්න මේ ගැහැණියට පසඟ පිහිටුවා වැඳපියව්.

    ReplyDelete