Wednesday, April 22, 2015

අරිශ්ටේ ඉල්ලල ජරමරේ...

ඕනි ලෙඩකට සිංහල බේත් බොන්න. ඔය ඉංගිරිසි බෙහෙත් වගේ නෙවෙයි සිංහල බේත් ගස් වැල් ම කොටලා අරන් හදන හන්ද මොන අතුරු ආබාධයක් වත් නෑ..."
ඇතැමෙක් මෙහෙම කියනවා ඔබ අසා ඇති. ඒත් ඊට පරස්පර විරෝධී කතාවක් මං ඔබට කියන්නම්.
මේ දවස් වල මං ඉන්න වාට්ටුව, ඒ කියන්නේ කායික රෝග වාට්ටුවට ඇඟ ඉදිමිච්ච ආච්චි කෙනෙක් ඇඩ්මිට් කරලා තිබුන. මෙයාගේ ඇඟ ඉදිමීමට හේතු හොයන්න කරපු පරීක්ෂණ වලින් හෙළි වෙලා තිබ්බේ මෙයාගේ අක්මාව නරක් වෙලා කියල. (අක්මාව නරක් වුණාම ඒක පිටට පෙන්නේ ඇඟ ඉදිමිම වගේ රෝග ලක්ෂණ වලින්) . වෙන විදියකින් කිව්වොත් ආච්චිට සිරෝසිස්. ෂුවර් එකටම ආච්චි කන් පාත් වෙනකන් බොන්න ඇති කියල මට හිතුණ.
සිරෝසිස් විතරක් නම් මදෑ ආච්චිට පොතු කබරත් හැදිලා එකෙනුත් වේදනා විඳින ගමන් තමයි මෙහෙම ඇඟත් ඉදිමිලා තියෙන්නෙ. අලි මදිවට හරක් කියල ඔයාලට හිතෙනන ඇති.
විස්තර අහගෙන යද්දී ආච්චි මෙහෙම කතාවක් කිව්වා.
අවුරුදු පහ හයකට විතර උඩදී පොතු කබර හැදුනලු. ඊට පස්සේ වෙද මහත්තයෙක් ළගට ගියපු ආච්චි ඒකට බෙහෙත් අරන්. මේ වේද මහත්තය දීල තියෙන්නේ අරිෂ්ඨයක්. කඩින් කඩ වෙද මහත්තයා හම්බවෙන්න ගියපු ආච්චි මේක අවුරුදු පහ පුරාවටම බීල.
සමහර සිංහල බෙහෙත් වල විශේෂයෙන්ම අරිෂ්ඨ වල අපේ ඇඟට අහිතකර විවිධ විෂ රසායන අඩංගු වෙනවා. වැඩිපුරම මේවා බලපාන්නේ අපේ ඇඟේ තියන විෂ නසන ඉන්ද්‍රියට. එකියන්නේ අක්මාවට. වකුගඩු වගේ වෙනත් ඉන්ද්රියන්ටත් මේ කියන බලපෑම අඩු වැඩි වශයෙන් තියෙනවා. කාලයක් මේවා බොනවා කියන්නේ මේ කියන ඉන්ද්‍රියන් විනාශ උණා කියන එක තමයි. ඉතින් අපේ ආච්චිට වෙලා තියෙන්නෙත් ඒකයි.
අන්තිමට කියන්න තියන්නේ මේවගේ සිංහල බෙහෙත් බොන්නම ඕනි නම් විශේෂයෙන්ම ගොඩ කාලෙකට බොනවා නම් වකුගඩු ඒවගේම අක්මාව වගේ ඉන්ද්‍රියන්ට ඒ බෙහෙත් වලින් හානි වෙනවද කියල අදාල පරීක්ෂණ කාලෙන් කාලෙට කරගන්න ගමන් බොන්න කියන එකයි.

7 comments:

  1. ඒ වුනාට සමහර අරිෂඨ හරි රහයි නේ....??/
    අකුරු වල පාට පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා වගේ....

    ReplyDelete
    Replies
    1. thank you wewa... රහ හැම එකම ගුණ නෑ රූපේ. :-)

      Delete
  2. ආං දැක්කනෙ.. මං නං නෑ අරිස්ඨ බොන්නෙ ආය ඕං

    ReplyDelete
  3. සිංහල බෙහෙත් දිගින් දිගට ම ගැනීමේ දී ඔය ගැන බැලිය යුතුයි කියන ඒක නම් අැත්ත

    ReplyDelete
  4. ඒක සිංහල බෙහෙත් දෙන වෙද මහත්තුරුත් කියනව
    ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ නෙ

    ReplyDelete
  5. ඔය අරිෂ්ඨ වලට සිරෝසිස් හැදෙන කතාව නිසාම අපි දන්න වෙද මහත්මයෙක්ගෙන් ඒ ගැන ඇහුවා. බොහෝ අරිෂ්ඨ හදන්නේ තඹ භාජන වල, ඒවායේ තඹ කොටසක් දියවෙලා අරිෂ්ඨ වලට එකතුවෙන බවත් ඒනිසා ඔය ඉහත ආකාරයේ අක්මා රෝග හැදෙන බවත් පැවසුවා. ඔහු පාවිච්චි කරන්නේ එවර් සිල්වර් භාජන බවත් සඳහන් කරන්න අමතක කරේ නෑ...

    ReplyDelete
  6. මං ආයුර්වේද වෛද්‍යවරයෙක්...මේ post එක අහම්බෙන් වගේ දකලා කියෙවුවේ.....අරිෂ්ඨ ගැන කථාව මේකයි.අරිෂ්ඨ කියන ඖෂධය ශරීරයට අහිතකර දෙයක් නෙමෙයි.ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අරිෂ්ඨ එකදිගට සති දෙකයි බොන්න දෙන්නෙ.ඊට පසු කෂාය මගින් ප්‍රතිකාර කරනවා...වෙනත් ඖෂධ ප්‍රතිකාරත් යන අතරතුර.කේෂ්ත්‍රයන් සමාන උනත් විද්‍යාව දෙවිදියක් උන ඔබත් මමත් තර්ක කිරීම ප්‍රයෝගික නොවේ.⁣නමුත්් ගැටළු තිබේනම් විමසන්න.ඔබ කේෂේත්‍රය තුල saitm වැනම තමා අප් කේෂේත්‍රය තුල නිසි පුහුණුවකින් තොරවු ඩිප්ලෝමාධාරින්.අපට සියළුම පාරම්පරික ⁣ෛ⁣වද්‍යවරැන් හට ඔවුන්ගේ ප්‍රතිකාර නැවැත්වීමට යැයි බල කිරිමට නොහැක්කේ ඇතැම් අය ඉතා දක්ෂ මනා දැනුමකින් හා පුහුනුවකින් යුක්ත අය වීමත් ආයුර්වේද කේෂේත්‍රය අපට කලින් ඔවුන් ( දක්ෂ පාරම්පරික වෙදමහතුන් ) රැක ගෙන අවුරැදු 3000 ක්( ලිඛිත ඉතිහාසය ) කාලයක් පැවත ඒමත් නිසාය...අරිෂ්ඨ යනු එම කාලයක් පුරා භාවිතා වු ඖෂධ කාණ්ඩයක් වන අතර එහි අනර්ථයක් ඇත්නම් මෙතුවක් කල් භාවිතා වෙමින් පැවතිය නොහැක.වෛද්‍යවිද්‍යාවෙන් මෙන්ම සාමාන්‍ය සමාජයෙන්ද ප්‍රතික්ෂේප විය යුතුය.මෙහිදි වරද ඇත්තේ ඖෂධයේ නොව ලබා දෙන පුද්ගලයා මතයි.එමෙන්ම ඇතැම් පුද්ගලයන් හිතුමනාපයට ආයුර්වෙිද ඖෂධ භාවිතා කිරීමත්ය.වෙනත් යමක් දැන ගැනිමට අවශය නම් විමසන්න.prabhath4125@gmail.com.ස්තුතියි.

    ReplyDelete