Saturday, September 16, 2017

මගුලයි ! බබා හම්බුණාට පස්සේ periods නැවතිලා ! ඒ මදිවට ලූප් දාන්නේ නැතිව ගෙදර යන්ඩත් එපා ලු ! යකාගේ ආණ්ඩුවක් නේ මේක !

ඔව්. බබාල ඉන්න ඔයාල මේ තත්වය අත්දැක ඇති.
ගොඩක් වෙලාවට මාස 6ක් යනකන් ම dates හැදෙන්නේ නැහැ කියා ඔබ කියාවි.

මෙසේ dates සෑදීම‍ මාස 6ක් පමණ ප්‍රමාද වන්නේ ස්වභාවිකව ම සිදුවන උපත් පාලන ක්‍රියාවලියක අතුරු ඵලයක් ලෙසයි. දරුවන් අතර නිසි පරතරයක් පවත්වාගෙන ඊළග දරු උපත සිදු කිරීම අවශ්‍ය නිසා තමයි ස්වභාවිකව ම එසේ සිදුවන්නේ.

දැන් ඔබ බලයි මොකට ද දරුවන් අතර නිසි පරතරයක් අවශ්‍ය වන්නේ කියා.

දරු උපත් අතර නිසි පරතරය නැති වීමෙන්
අඩු මාස් දරු උපත්, අඩු බර දරු උපත් සිදුවීම ට
අංග විකල, ජානමය අබාධ සහිත දරු උපත් සිදු වීමට
ගබ්සා වීම් සිදුවීමට සහ
පසු කාලීනව මානසික රෝග (භිනොන්මාදය/ schizophrenia) වැළඳීමට ද
ඉතා ඉහල ඉඩ කඩක් ඇත.
එසේම බිහිවන දරුවන් ඔටිසම් වැනි තත්ත්ව වලට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් ද ඇත.

තවද දරු උපතකින් පසු මවක්ගේ ශරීරය යථා තත්වයට පත්වීමට වසරක් දෙකක් පමණ කාලයක් ගතවනවා. ඉතින් වසර දෙකක් යාමට පෙර නැවත වරක් ගැබ්ගතහොත් එක පසකින් මව අනෙක් දරුවාට කිරිදෙන නිසා කළලය වැදීමට අවශ්‍ය පෝෂක නිසි පරිදි නොලැබී යනවා. එසේම මව්කිරි නිපදවීම ට ද මෙය අහිතකර ලෙස බලපානවා. එවිට ඒ දරුවා ද දුර්වල වනවා. එසේම මව අනවශ්‍ය ලෙස දුර්වල වන නිසා එයින් ගෙදර දොරේ ප්‍රශ්න වැනි වෙනත් කායික මෙන්ම සමාජයීය ප්‍රශ්න ද ඇති වනවා.

ඉතින් මේ නිසයි දරුවන් දෙදෙනෙකු අතර නිසි පරතරය තබා ගැනීම වැදගත්. වෛද්‍ය නිර්දේශය නම් වසර දෙකක් වත් පරතරයක් තබා ගැනීම සුදුසු බවයි.

නමුත් මින් පළමු මාස 6 ඉතා වැදගත්. එම කාලසීමාව තුළ නැවත ගැබ් ගැනීම අධි අවධානම්.

ඉතින් මෙන්න මේ කියන පරතරය විශේෂයෙන් ම දරු උපතෙන් පළමු මාස 6 තුළ ඇති කරගැනීමට තමයි අර කියපු විදියට periods නතර වී මවට ස්වභාවිකව ම උපත් පාලනයක් ලැබෙන්නේ.

මවගෙන් කිරි උරා බොනවිට ශ්‍රාවය වන හෝමෝන නිසා තමයි periods සැදීම සිදු නොවී මවට උපත් පාලනය සිදු වන්නේ.

මෙලෙස උපත් පාලනය සාර්ථක ව සිදු වන්නේ දරු උපතෙන් පළමු මාස 6 ක කාල සීමාව තුල වන අතර පරීක්ෂණ වලින් සොයාගෙන ඇති පරිදි මෙම ක්‍රමය සාර්ථක වීමට නම් ඔබ දිවා කාලයේ දී අඩුම පැය 4කට වරක්වත් සහ රාත්‍රී කාලයේදී අඩුම පැය 6ක ට වරක්වත් දරුවට මව්කිරි දියයුතු වනවා.

පරීක්ෂණ වලින් සොයාගෙන ඇති පරිදි මින් මිතුරි පෙති හා සමාන උපත් පාලන හැකියාවක් මවට ලැබෙනවා.

කෙසේ වෙතත් මෙය ස්වභාවික උපත් පාලන ක්‍රමයක් නිසාවෙන් මෙහි විශ්වසනීයත්වය ඉතා අඩුය. එනම් වැරදීම් සිදුවී මව නැවත වාරයක් ගර්භනී වීමට ඉතා ඉහල හැකියාවක් තිබෙනවා.

මේ නිසා දරු උපතෙන් පසු වෙනත් උපත් පාලන ක්‍රමයකට යොමු වීම වැදගත්.

ලංකාවේ මේ සඳහා බහුලව ම භාවිත වන්නේ ලුප් පැළඳීම යි. දරු උපතෙන් පසු ගෙදර එනවිට ලුපයක් දමාගෙන යන්නට කියන්නේ මෙන්න මේ නිසයි.

මිට අමතරව depo- provera (ඩෙපෝ injection එක) , හෝමෝනමය තැන්පතු කිරීම් (jadelle, implanon) , කොන්ඩම ද සාර්ථක එමෙන්ම දරුවට හානිදායක නොවන අතුරු අබාධ රහිත පසු ප්‍රසව උපත් පාලන ක්‍රමයන් වේ.

එනමුත් කිරි එරීම අඩාල කිරීමේ හැකියාව නිසා දරු උපතෙන් පසුව උපත් පාලන ක්‍රමයක් ලෙස මිතුරි පෙති භාවිතය සිදු නොකළ යුතුය. ඒ හැර මිතුරි පෙති නිසා දරුවට වෙනත් කිසිදු ආකාරයක හානියක් සිදු නොවේ.

ඉතින් අන්තිමට කියන්නම. ජාතිය වඳ වෙනවා. එහෙම කොහොමද ගෙදර එනකොට ලුප් එකක් දාන්නේ. වගේ කතා මිනිස්සු කියයි. එත් නිසි පරතරය තබා නොගැනීමෙන් සංකුලතා ඇති දරුවෙකු බිහිකර ගැනීමෙන් වැලකීම ඔබේ වගකීමයි. මොකද කවුරු මොනවා කීවත් ඔබටයි මේ දරුවා ව බලාගැනීමට සිදු වෙන්නේ.

බබා හම්බවෙලා ගෙදර එනකොට ලුප් එක දැම්මේ නැත්නම් ඉල්ලලා හරි දාගන්න මතක තියාගන්න.

ලුප් එක ඕනි වෙලාවක ගලවලා අයින් කරන්න පුළුවන්. අයින් කරපු වෙලේ ඉදන් ඔයාලට බබාලා හදන්නත් පුළුවන්. 😆





4 comments:

  1. Educating our people about reproductive health is the proper way. I think, forcing women to wear loops is one of very unethical and cheap way to achieve this goal. It is a power harassment. If anyone try to forcefully do that in a civilized country, they will end up in jail. You can freely make such actions only in this small island.

    If anybody justify such power harassment, he/she should have gone mad.

    Educated medics must do the right thing. Shouldn't seek for shortcuts.

    ReplyDelete
  2. බොහොම වටිනා ලිපියක්..අයි මෙහෙට ආවේ..එන්නම් කියවන්න

    ReplyDelete